ලබන වසරේ පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත්වීමට නියමිතව සිටි සේයා දැරියට එහි සම්මුඛ පරීක්ෂණ සඳහා වන ලිපිය ද පෙරේදා ලැබී තිබුණා. ඒ, මිනුවන්ගොඩ - මැල්ලවගෙදර රෝමානු කතෝලික විදුහලෙන්.
සේයා සදෙව්මි දැරියගේ ඝාතකයන්ට නිසි දඩුවම් ලබාදෙන ලෙස බල කරමින් සහ ළමා අපයෝජකයන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ඊයේත් දිවයින පුරා විරෝධතා ව්‍යාපාර රැසක් සංවිධාන කර තිබුණා.
ළමයින්ට සිදුවන අපයෝජන සිද්ධීන් පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර සඳහන් කළා. සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට විරෝධය පළ කරමින් නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වුණා.


0 comments:
Post a Comment