කුඩා දරුවන් කිහිපදෙනෙක්ම පසුගිය සතියපුරා සෝචනීය ලෙස මියගිය පුවත් කිහිපයක්ම රටපුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. එලෙස මියගිය තවත් කුඩා දරුවෙකු පිළිබඳව ගොකරැල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මාස 10ක් පමණ වයසැති දරුවෙකු වන අතර මියයාමට හේතුව වී ඇත්තේ අලියෙකු පහර දීමයි.
ගොකරැල්ල ප්‍රදේශයේ දේවාලයක සිටි අලියෙකුගේ බඩ යටින් මෙම කුඩා දරුවා රැගෙන යාමට උත්සාහ දැරීමේදී අලියා පහර දී ඇති අතර එහිදී බිළිඳා මියගොස් තිබෙනවා.
කුඩා වයසේදී මෙලෙස දරුවන් අලියාගේ බඩයටින් රැගෙන යාමෙන් ඔවුන්ගේ අපල දුරුවන බවට වැඩිහිටියන් අතර විශ්වාසයක් පවතිනවා.
0 comments:
Post a Comment