සදෙව්මිගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුවාගේ මව කියන කතාව - වීඩියෝ

‘‘පුතා සදෙව්මිගේ මළගෙදරටත් උදව් කළා,
රෑ 9.30 ඉඳන් මගෙත් එක්ක එකම ඇඳේ නිදාගත්තේ,
මගේ පුතා නිර්දෝෂී‘‘

රටම කම්පා කරමින් අමානුෂික ලෙස ඝාතනය කර තිබූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ අතර වයස අවුරුදු 17වන පාසැල් සිසුවෙකුද වනවා. කෙසේ නමුත් ඔහුව සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිසුවාගේ මව විසින් මේ වන විට මාධ්‍යට ප්‍රකාශයක් කර තිබෙනවා.


ඇය පවසන්නේ මෙම සිදුවීම වූ දිනයේ රාත්‍රී 9.30සිට තම පුතා ඇය සමඟින් එකම ඇ‍ඳේ නිදාගෙන සිටි බවත් ඔහු උදෑසන වනතුරු සිටියේ තමන් සමඟ බවත්ය. එමෙන්ම ඔහු සදෙව්මිගේ දේහය නිවසට ගෙන ආ පසුව ඒ සඳහා උදව් උපකාර කළ බවත් තම පුතා 100%ක් නිර්දෝෂී අයෙකු බවත් ඇය පවසනවා.

උදෑසන ත්‍රීවිල් රථයකින් පැමිණ පොලිසිය විසින් ඔහුව රැගෙන ගිය බවත් පුතාගේ පරිගණකයේ අසැබි චිත්‍රපට තිබී හමුවීම සම්බන්ධයෙන් තමන්ටද දැනගන්නට ලැබුණු බව ඇය පවසනවා.

ඇයගේ සම්පූර්ණ කතාව ඇතුලත් වීඩියෝව පහතින්......

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment