පොලීසියේ අණ නොතකා අධිවේගයෙන් ගමන් ගත් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රියදුරෙකුට එහි පොලිස් හෙලිකොප්ටර් යානයක් මගින් වෙඩි තැබිම නිසා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මාර්ග සළකුණු සහ සංඥා නොසලකමින් අධිවේගයෙන් පැදවූ රිය මහාමාර්ගයේ වැරදි පසට පිවිසීමට ආසන්නවද්දී පොලීසිය මෙසේ වෙඩි තබා ඇති බව සඳහන්.
ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කළේ පොලිස් හෙලිකොප්ටර් යානා මගින් වැරදිවලට හසුවන මෝටර් රථවලට වෙඩිතැබීම විරල සිද්ධියක් වුවත් එවැනි අවස්ථා සඳහා පොලීසියට පුහුණුවක් ලබාදී ඇති බවයි.
වෙඩි වැදුනු රියදුරු මෝටර් රථයෙන් ඉවතට පැන කෙටි දුරක් ඉදිරියට ගමන් කර ඇද වැටී මියගිය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
0 comments:
Post a Comment