ඝාතකයාගේ බවට සැක කෙස්ගස් දෙකක් සදෙව්මිගේ ශරීරයෙන් හමුවෙයි

බාල අපචාර චෝදනා ලැබූ පියා ගැන සැකයක් ?
ඝාතනය ගැන DNA පරීක්ෂණයක්


රටම කම්පාවට පත්කරමින් අමානුෂික ලෙස ඝාතනය කර තිබූ සෙයා සදෙව්මි දැරියගේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි. නමුත් ඇයගේ ඝාතකයා කවුරුන්ද යනවග තවමත් සොයාගැනීමට හැකිවී නැහැ. පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතිනවා.

මේ අතර දැරියගේ පියා වන උපුල් ශාන්ත නමැත්තා සම්බන්ධයෙන් මේ වන විට සැකයක් ඇතිබවට ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වනවා. ඔහු මීගමුවේ ප්‍රධාන ජාතික පාසලක ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කොට ඇති අතර ළමා අපචාර සිද්ධියක්‌ සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.



මේ වන විට ඔහුට සහ ඔහුට සහාය වූ තවත් ගුරුවරයකුට එරෙහිව මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණයේ අපචාර නඩුවක්‌ පවතිනවා. ඊයේ මරණ පරීක්ෂණය පවත්වන මොහොතේ මියගිය දැරියගේ එක් අතක තුවාලයක් ද තිබි ඇත. ඇය පැහැරගත් දින රාත්‍රී 10.00න් පසුව ඝාතනය කර ඇති බව මෙහි දී හෙළි වී ඇත.

මියගිය දැරියගේ සීයා බලගරගේ දයාරත්න (59) සහ පියා වන බලගරගේ උපුල් නිශාන්ත (38) යන දෙදෙනා ද මරණ පරීක්ෂණය සිදුකරන අතර සාක්ෂි දීම සඳහා පැමිණ සිටියහ. ඊයේ (14) පරීක්ෂණ කණ්ඩායම විසින් දැරියගේ සිරුර පරීක්ෂා කරන අවස්ථාවේ දැරියගේ සිරුරේ තිබි ඝාතකයාගේ බවට සැක කළ හැකි කෙස්ගස් 02 ක් ‍පොලිසිය විසින් සොයාගෙන තිබේ. එම කෙස්ගස් දෙක DNA පරීක්ෂාවක් සඳහා ඉදිරි දිනයේ දී යොමුකරන බවද ‍පොලිසිය පවසයි.

එමෙන්ම දැරියගේ ශරීර අභ්‍යන්තරයෙන් ලබාගත් සිරුරු කොටස් කිහිපයක්ද DNA පරීක්ෂාවට යොදා ගැනෙන අතර ඉදිරියේ දී එම කටයුතු හරහා අපරාධකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම දියත් කර ඇත.

මරණ පරීක්ෂණයෙන් අනතුරුව දැරියගේ පියා හා සීයා එම ස්ථානයෙන් පිටව යනවිට ප්‍රදේශවාසීන් විසින් ඔවුන්හට විරෝධයක්ද එල්ල කළ බවට ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වේ.

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment