වසර 4කට පෙර මිහිදන් කළ නවම් රාජාට යළි පණ දෙයි

මනුස්සකම ලබන්න නම් පිං කරන්න ඕනි. පිං මදිවුණු අය තමයි ඔය තිරිසන් සතුන් වෙලා ඉපදිලා ඉන්නේ. එහෙම උදම් ඇනුවට මොකද මිනිස්සු වෙලා ඉපදුන අපිට කරන්න පුලුවන් ලොකුම දේ ගෙදර දානෙට පන්සලේ කරඬුව වැඩමවාගෙන එන එක විතරයි.

හැබැයි දළදා වහන්සේට පුජෝපාහාරයක් ලෙස පවත්වන පෙරහැරේ කරඬුව වැඩමවාගෙන යාමේ යුතුකම හා වගකීම පැවරිලා තියෙන්නේ අලි ඇතුන් විදිහට ඉපදුණු ඒ වාසනාවන්තයින්ටයි.


පොඩ්ඩක් නැවතිලා හරියට කල්පනා කරලා බැලුවොත් අලි ඇතුන් වෙන්නත් පිං කරන්න ඕනා. ඒ අතරින් පෙරහැරේ කරඬුව වඩම්මන ඇතෙක් වෙන්න තවත් පිං කරන්න ඕනා.
දේවාලේ පෙරහැර, පන්සලේ පෙරහැර වගේම දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍යයේත් සංස්කෘතික තේජස තව තවත් වැඩි කරන්නේ රාජකීය ලීලාවෙන් පෙරහැරේ ගමන් කරන අලි ඇතුන්.

අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසිලා, සර්වඥ ධාතූන්වහන්සේලා තැන්පත් කළ කරඬුව පිට මත වඩා හිඳුවාගෙන, පාවඩ මතින් පෙරහැරේ ගමන් කරන අලි ඇතුන් වෙත දෙස් විදෙස් සැමගේම ආකර්ශණය හිමිවෙන්නේ නිතැතින්මයි. ඒ නිසාමදෝ එදා සිට අද දක්වාම දළදා කරඬුව වැඩම කරවපු ඇත් රජවරු සියලූ දෙනාම පාහේ අපේ සදාතනික මතකයේ රැදිලා තියෙනවා. ඒ අතරිනුත් වඩාත් සද්ධන්ත, දිගු දළ සහිත, වඩාත් හීලෑම හස්තියා විදිහට අපේ මතකයේ රැදනේ නවම් රාජායි.

හුණුපිටිය, ගංගාරාම විහාරයේ වාසය කළ නවම් රාජා අවස්ථා කිහිපයකම නුවර පෙරහැරේ දළදා කරඬුව වැඩම කරවන්නට පිං ලත් ඇතෙක් වුණා. විශේෂයෙන්ම 1978 ඇරඹුණු කොළොම්පුර මහා පෙරහැර වුණ ගංගාරාමයේ නවම් පෙරහැරේ කරඬුව වැඩම කරවන ප්‍රධාන හස්තියා ලෙසත් නවම් රාජා හදුන්වා දෙන්න පුලුවන්.

පෙරහැරක කරඬුව වැඩම කරවීමේ මහා කුසල සම්පත් උපයාගෙන 2011 වසරේ ජූලි මාසයේ එක් දිනක නවම් රාජා අවසන් හුස්ම හෙලූවේ ගිහියන් මෙන්ම ගංගාරාමයේ ස්වාමීන් වහන්සේලාද සන්තාපයට පත් කරමින්. කොහොම වුණත් බොහෝ ගරු බුහුමන් මැද මිහිදන් කළද වසර 4කට පසුව යලිත් වරක් නවම් රාජාට පණ දෙන්නට ගංගාරාමය මේ වන විට කටයුතු සම්පාදනය කරමින් සිටිනවා.ඒ කළගුණ සුවඳ හඳුනන මේ නවම් රාජාට සදාකාලිකවම ගෞරවය දක්වනු පිණිසයි.

ඒ අනූව ගංගාරාමයේ නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මේ භාරධූර කටයුත්ත භාරගත්තේ කසුන් වික්‍රමසිංහ නැමැති තරුණයෙක්. ඔහුගේ පිංබර දෑතින් වසර කිහිපයක් මහන්සියෙන් අනතුරුව නවම් රාජා හස්ති රාජයා තවත් නුදුරු දිනකදී ගංගාරාම විහාර පරිශ්‍රයේ දී ජීවමාන වනවා. ඒ අනූව යලිත් පණ ලබන මේ නවම් රාජා පිළිබදව පළමුව ලොවට හෙලි කරන්නට හිරු ගොසිප් අපට හැකියාව ලැබුණා.
එම අපූර්ව නිර්මාණය ගැන හිරු ගොසිප් වෙතින් ප්‍රථම වරට ඔබවෙත ගෙන එන වීඩියෝව පහතින් නරඹන්න.....




සටහන - සජීව ද සිල්වා
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment