‘‘අවසාන ප්‍රේමයයි මාගේ‘‘ මුලින්ම ගැයූ දිමන්ක පිළිතුරු ගීය ගැන කතා කරයි - Audio

ජනප්‍රිය ගායක දිමන්ක වෙල්ලාලගේ ගායනා කරන "අවසාන ප්‍රේමයයි" ගීතය මෑත කාලයේ ඉතා ජනප්‍රිය වුණා. එම ගීතයට පිළිතුරු ගීතය ද ප්‍රථමයෙන් ඔබට ලබාදුන්නේ හිරු ගොසිප් අපේ වෙබ් අඩවියෙන්.

නමුත් එම පිළිතුරු ගීතය පිළිබදව දිමන්කගේ වැඩි කැමැත්තක් නොමැති බවයි අපිට ආරංචි වුණා. මේ හින්දම ඒ ගැන අපි දිමන්කගෙන් අහලා බැලුවා.



ඔහු කියන්නේ නම් මේ අලුත් පිළිතුරු ගීය ගැන තමන්ගේ අකමැත්තක් නෑ කියලා. තවත් නවකයෙක් හැකියාවෙන් ඉදිරියට එන එකට තමන් කැමතී කියලා තමයි ඔහු කියන්නේ.

මේ ගැන දිමන්ක අපිත් එක්ක කීව කතාව පහතින්......

"අකමැත්තක් කියලා දෙයක් නැහැ. මොකද මමත් නවකයෙක් විදිහට මම කැමතියි තවත් කෙනෙක් ඉදිරියට එනවට. ඉතිං ඒකෙන් මගේ 'අවසාන ප්‍රේමයයි' ගීතය තව තවත් ජනප්‍රිය වුණා. මේ විදිහයට Female Version කරන එක ඉස්සරහට Trend එකක් වෙයි කියලා මම හිතනවා."

පැරණි ගායකයන්ගේ ගීත නව පරපුරේ අය ගායනා කිරීම පිළිබදව සමහරක් ප්‍රවීණයෝ දක්වන්නේ අකමැත්තක්. දිමන්කගේ අදහස මොකක්ද ?

"ගීත කියලා කියන්නේ ගායකයෙක් තමන්ගේ දරුවන් හා සමානයි. මටත් මගේ ගීත ඒ හා සමානව දෙයක් තමයි. මූල්‍යමය පරමාර්ථයෙන් කරනවා නම් ඇත්තටම ඒක ජීවත්වෙලා ඉන්න ගායකයෙකුට කරන ලොකු අසාධාරණයක් ඉතිං. මේක වෘත්තියක්නේ ඇත්තටම. ලංකාවේ ප්‍රවීන ගායකයෙක්ගේ ගීතයක් ඒ වගේ අවස්ථාවක ගායනා කරලා මටත් ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේ දෙයක් හරි වේදනාකාරීයි කියලා මට තේරිලා තියෙනවා."

දිමන්ක සමඟ අප කළ සංවාදය පහතින් අහන්න....



සංවාදය නිසලි ප්‍රබුද්ධිකා

දිමන්ක ගැයූ අවසාන ප්‍රේමයයි මාගේ ගීතය හා එහි පිළිතුරු ගීය පහතින්....



Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment