හිටපු ජනපති හිරේට

අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් තිබිය දී ගෝතමාලාවේ හිටපු ජනාධිපති ඔටෝපෙරස් මොලිනා සිරගතකරන්නැයි එරට අධිකරණයක් නියෝග කැර ඇත. 
 
පසුගිය අඟහරුවාදා එරට කොන්ග්‍රස් මණ්ඩලය මොහුගේ බලය අත්පත්කරගෙන ඇත්තේ මොහුට විරුද්ධව බරපතල අපරාධ චෝදනා එල්ල කරමිනි. 
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර සිටියි. 

එරට උප ජනාධිපති රාජ්‍ය නායකයා ලෙස දිව්රුම් දී ඇත්තේ එන ඉරිදා එරට මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදීය.
මැතිවරණයෙන් ජයගන්නා පුද්ගලයා ගෝතමාලාවේ නව ජනාධිපතිවරයා ලෙස ලබන වසරේ ජනවාරි 14 වැනි දින දිව්රුම් දෙනතෙක් උප ජනාධිපති ඇලෙජැන්ඩ්රෝ මැල්ඩොනඩෝ එරට පාලනය කිරීමට බලාපොරොත්තු වෙයි.
මැල්ඩොනඩෝද උප ජනාධිපතිවරයා ලෙස ගිය මැයි මස මැද භාගයේදී පත්වූයේ හිටපු උප ජනාධිපති රොක්සනා බැල්ඩෙඩිටද දූෂණ චෝදනා එල්ල වීමෙන් පසු ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.


Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment