අතුරුදන්වූ කොටදෙණියාව පෙර පාසල් දැරියගේ සිරුර හමුවෙයි - වීඩියෝ

හමුවී ඇත්තේ නිරුවත්ව
ඝාතනයක් බවට සාක්ෂි හමුවෙලා


ගම්පහ - දිවුලපිටිය - කොටදෙණියාව ප්‍රදේශයේදී අතුරුදන් වූ අවුරුදු හතරහමාරක් වයසැති දැරියගේ මළ සිරුර නිවස ආසන්නයේ පිහිටි ඇළක් අසල තිබී සොයා ගෙන තිබෙනවා.

මෙම දැරිය පෙරේදා රාත්‍රියේ සිය මිත්තණිය සමග නිදා ගැනීමට ගොස් ඇති අතර ඊයේ (12) අලූයම සොයා බැලීමේදී ඇය එම ස්ථානයේ සිටියේ නැහැ. ඒ අනුව, පොලිස් නිල සුනඛයන් යොදා මෙම දැරිය සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වුණා.

සේයා සදෙව්මි බක්මීදෙණිය නැමැති මෙම දැරිය පසුගිය 11වනදා රාත්‍රියේ මිත්තණිය සමඟ නිදා ගැනීමට ගොස් ඇති අතර 12වනදා අලුයම සොයා බැලීමේදී ඇය නිවසේ නොසිටි බවයි දැරියගේ පියා වන උපුල් නිශාන්තකියා සිටියේ. දැරියගේ පියා පවසන්නේ තමන්ට මෙම සිද්ධිය පිළිබඳව කිසිවෙකුත් ගැන සැකයක් නොමැති බවයි.

ගම්පහ - දිවුලපිටිය - කොටදෙනියාවේ සදෙව්මි දැරිය ඝාතනය සම්බන්ධයෙන් ලැබී ඇති භෞතික සාක්ෂි සහ විශේෂඥ සාක්ෂි මත පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා.

මෙම පරීක්ෂණ සඳහා බුද්ධි නිලධාරීන්ගේ ද සහාය ලබා ගෙන ඇති බවයි මීගමුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සදහන් කළේ. ඒ අනුව ඉතා කෙටි කාලසීමාවක් තුළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇති බවටයි එම නිලධාරියා විශ්වාසය පළ කළේ.

මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් දැරියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අතර හෙට දිනයේ මීගමුව මහරෝහලේදී මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.


Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment