දුවට ළමයෙක් දී බිරිඳගේ මව එක්කත් අනියම් පෙමක පැටලුණු කළුතර සල්ලාල පාපතරයා


දුව ලියුමකුත් ලියා තාත්තා එක්ක පැන ගිහින්

තම 15 හැවිරිදි දියණිය අඹුවක ලෙස තබා ගනිමින් ඇයව දූෂණය කළ පියෙකු පිළිබඳව පුවතක් කළුතර - පයාගල ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා වුණා. ඔහු සිද්ධියෙන් පසුව පැනගොස් සිටි අතර මේ වන විට පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

මෙම පාපතර පියා ඇයව දූෂණය කිරීමෙන් අනතුරව දැරියට දරුවෙකුද ලැබී ඇති අතර එම දරුවා භාරකාර මණ්ඩලයට පත්කිරීමෙන් අනතුරුව වෙනත් පවුලට හදාගන්නට දී ඇති බවටද වාර්තා වෙනවා.



මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මවද දැනගෙන සිට ඇති බවට ආරංචි වන අතර ඇය මේ පිළිබඳව වසන් කර ඇති බවටද හෙළිවී තිබෙනවා. මීට පෙර දැරිය ගැබ්බර වීම සම්බන්දයෙන් පොලිසියට කර ඇති පැමිණිල්ලකදී ඇය පවසා ඇත්තේ එය සිදුවූයේ තමන්ගේ පෙම්වතා අතින් බවත් ඔහු මේ වන විට සොයාගන්නට නැති බවත්ය.

අවස්ථා කීපයකදීම පියා අතින් දැරිය දූෂණයට ලක්වී ඇති අතර මවගෙන් එයට බාධා එල්ලවීම නිසා පසුගිය දිනෙක ලිපියක් ලියා දැරිය තම පියා සමඟ පැන ගොස් තිබෙනවා. එහි සඳහන් කර ඇත්තේ තම පෙම්වතාගෙන් දරුවෙක් ලැබුණු බවට කී කතාව බොරුවක් බවත් එම දරුවා තමන්ගේ පියාගේ බවත්ය.

මේ පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ දියණියගේ මව විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි. ඇය විසින් එහිදී පවසා ඇත්තේ තම දියණිය සැමියා සමඟින් පැනගොස් ඇති බවයි.

15 හැවිරිදි දියණිය පාසලේ 8 වසරේ ඉගෙනුම ලබද්දී ඇගේ පියාගෙන් දූෂණයට ලක්ව හෝමාගම රෝහලේදී දියණියක ප්‍රසූත කර තිබෙන බවටත් තොරතුරු වාර්තා වෙනවා. එමෙන්ම අදාල පුද්ගලයා මීට පෙර තම බිරියගේ මව සමඟද අනියම් සබඳතාවක් පැවැත්වූ බවද ඔහු හෙළිකර තිබෙන බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු සැඟවා සිටීම සම්බන්ධයෙන් දැරියගේ මවද පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වුණා. අත්අඩංගුවට ගත් පියා ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබෙනවා.
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment