උපන්දිනය සමරන්න සිටි පුංචි මල් කැකුළු එක්ක ඉඳුරුවදී නොඑන ගමන් ගිය අම්මා

‘‘මම කීවා උපන් දින උත්සවයක් ගන්න එපා කියලා‘‘

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉඳුරුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී පසුගියදා සිව් දෙනෙකුට මරණයට පත්වුණා. එලෙස මියගියේ ත්‍රිරෝද රථයේ ගමන් කළ වයස අවුරුදු 27ක මවක් සහ ඇගේ වයස අවුරුදු දෙක හමාරක පිරිමි දරුවා මෙන්ම මාස 11ක තවත් පිරිමි දරුවෙකු වේ.

එමෙන්ම තවත් වයස අවුරුදු 10 ක පිරිමි දරුවෙකු මියගියේ ඊයේ දිනයේයි. අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ 6 දෙනෙකු ගමන් කරමින් සිටි අතර තුවාල ලැබූ රථයේ රියදුරු තවමත් නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.


ඔවුන් මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී තිබුණේ උපන්දින උත්සවයකට ආරාධනා කරන්නට යමින් සිටියදී බවට වාර්තා වේ. ඒ පිළිබඳව දැසේ පිරි කඳුලින් මියගිය දරු දෙදෙනාගේ මිත්තනිය විස්තර කළේ මෙලෙසිනි...

‘‘මගේ දෙවැනි මුනුපුරාගේ උපන් දින උත්සවයට ආරාධනා කරන්න කියලා එයාලගේ අම්මයි, තාත්තයි, අයියයි තමයි මේ ගමන ගියේ, මම කීවා උපන් දින උත්සවයක් ගන්න එපා කියලා. ඒක අහන්නේ නැතිව තමයි පුතයි ‍ලේලියි කතා කරලා මේ උපන්දින උත්සවය තියන්න පටන් ගත්තේ.

අනේ පුතේ මොන උපන්දිනයක්ද? උපන් දිනය සමරන්න හිටිය ‍පොඩි මුනුපුරයි එයාගේ අයියයි, අම්මයි තුන්දෙනාම අවසන් ගමන් ගියා. දැන් මමයි මගේ පුතයි විතරයි ගෙදර තනිවුණේ. මේ වගේ විපතක් අහන්න දකින්නවත් වෙන්න එපා‘‘

මෙම අනතුරට හේතුව මාර්ගයේ ජලය පිරුණු වළක් පැවතීම බවට ප්‍රදේශවාසීන් චෝදනා කරමින් අනතුර සිදුවූ දින විරෝධතාවක නිරතවුණා. ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු කියා සිටියේ අනතුර සිදුවූ ස්ථානයේ ජලය පිරී තිබීම හේතුවෙන් පසුගිය කාලයේද අනතුරු රැසක් සිදුවූ බවයි. අනතුරෙන් පසු මාර්ගයේ ජලය පිරී තිබූ වළ වසා යළි මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ඊයේ පියවර ගෙන තිබුණා.
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment