නිදියහනේ සිටිද්දී මුහුණ සිපගන්න හැදූ අනංගයාට කොස්ස කැඩෙන්න ගුටි දුන් වැල්ලවායේ කතගේ වීඩියෝව

‘‘ඇරියේ නෑ මම, දුන්නා කොස්ස කැඩෙන්න‘‘
වැල්ලවාය මහවෙළමුල්ල ප්‍රදේශයේ නිවසක හොරෙන් පැන නිවසේ සිටි කාන්තාවකගේ මුහුණ සිපගන්නට හැදූ අයෙක්ව එම කාන්තාව විසින්ම අල්ලාගෙන කොස්සක් කැඩෙනතුරු පහර දී පොලිසියට භාරදුන් පුවතක් පිළිබඳව වාර්තා වෙනවා.

ඇයගේ පහරදීමෙන් පසුව ගම්වාසීන්ද එක්ව ඔහුව අල්ලාගෙන ඇති අතර ඔවුන්ගේද පහරකෑමට මොහු ලක්ව තිබෙනවා. පසුව ගම්වාසීන් පොලිසිය කැඳවා ඔහුව භාරදී ඇති අතර ප්‍රදේශයේ මීට පෙර සිදුවූ සොරකම් සම්බන්ධයෙන්ද මොහු සැකකරුවෙක් වෙන බවයි ගම්වාසීන් පවසා ඇත්තේ.



අදාල කාන්තාව දරුවන් සමඟ නිවසේ සිටින මොහොතකයි මොහු නිවසට හොරෙන් ඇතුල් වී ඇත්තේ. පසුව නිදාසිටි කාන්තාවගේ මුහුණ සිපගන්නට තැත්කරන අතර ඇය අවදිවී හොරාව අල්ලාගෙන තිබෙනවා. ඇය නිවසේ තිබූ කොස්ස ගෙන එය කැඩෙනතුරු මොහුට පහරදී ඇති අතර ඉන් පසුවයි ගම්වාසීන්ට කතාකර ඇත්තේ.

සැකකරු අල්ලාගත් අවස්ථාවේ වීඩියෝව පහතින්.....

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment