මරණ දඬුවමත් ක්‍රියාත්මක කිරීමට යයි
සේයා සදෙව්මිගේ ඝාතනයෙන් පසුව සමාජයේ මේ වන විට දූෂකයින්ට ලබාදිය යුතු මරණ දඬුවම සම්බන්දයෙන් විවිධ සංවාදයන් ඇතිව තිබෙනවා. ඇතැමුන් පවසන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවීම නිසා මිනිසුන් අපරාධ කිරීමට මේ වන විට බියක් නොදක්වන බවයි.

කෙසේ නමුත් මේ සියල්ල අතර මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණොත් ලබන වසරේ සිට සාපරාධී අපරාධකරුවන්ට දඬුවම ක්‍රියාත්මක කරන බවයි ජනපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ.
මත්ද්‍රව්‍ය නිවාරණ - ජනාධිපති කාර්ය සාධක බළකායේ ජාතික වැඩසටහනට අද (18) ගාලු නගර සභා ශාලාවේ දී එක්වෙමින් හෙතෙම මේ බව අවධාරණය කළා.
කොටදෙනියාවේ සේයා සදෙව්මිගේ ඝාතනයෙන් පසුව - මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් රැසක් ලැබුණු බවත් - ඊට පෙරද එවැනි ඉල්ලීම් ලැබෙමින් පැවතී බවත්, බොහෝ දියුණු රටවල පවා මරණ දඬුවම ක්‍රියාත්මක වන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වාදෙයි.
0 comments:
Post a Comment