රෑට කාන්තාවන් නිදියට හැටි බලන්නත් යනවලු
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් ලිංගික අපරාධයකට ලක් කර ඝාතනයට ලක් කළ ආකාරය පිළිබඳව ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පාපොච්චාරණයක් කර තිබෙනවා. මෙම සැකකරු ගම්පහ - බෙම්මුල්ල - බදුලූවතුගොඩ ප්‍රදේශයේදී පෙරේදා (23) අත්අඩංගුවට ගනු ලැබුවා. දැරිය ඝාතනය කළ බව සිය පාපොච්චාරණයේදී සැකකරු සඳහන් කර තිබෙනවා.
දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 32 හැවිරිදි සැකකරු දැරියගේ නිවසට ඇතුලූවී ඇත්තේ ඉදිරිපස දොර විවෘත කරගෙනයි.
සේයා සදෙව්මි දැරිය නිදා සිටි කාමරයේ ජනේලය විවෘත කර තිබුණත් එයින් පැනීමට නොහැකි නිසා නිවසේ ඉදිරිපස දොරින් ඇතුලූවූ බවයි ඔහු පාපොච්චාරණයේදී සඳහන් කර ඇත්තේ. ඉදිරිපස දොරේ අගුල කැරකැවීමේදී එය ඉබේම විවෘත වූ බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
දැරිය නිවස ආසන්නයෙන් රැගෙන යද්දී එක් කාමරයක විදුලි පහන් දැල්වී ඇති ආකාරය දුටු බවත් ඉන් එබිකම් කර එහි සිටින අය නින්දේ පසුවූ බව තහවුරු කරගත් බවත් සැකකරු පවසා තිබෙනවා. දැරියට අතවර කර ඝාතනය කිරීමෙන් පසු සැකකරු දැරියගේ සිරුර ඇළ අයිනේ සඟවා තබා ඉන්ගම්මාරුවේ පදිංචි ඔහුගේ සොහොයුරියකගේ නිවසට ගොස් තිබෙනවා.
දැරිය නිවස ආසන්නයෙන් රැගෙන යද්දී එක් කාමරයක විදුලි පහන් දැල්වී ඇති ආකාරය දුටු බවත් ඉන් එබිකම් කර එහි සිටින අය නින්දේ පසුවූ බව තහවුරු කරගත් බවත් සැකකරු පවසා තිබෙනවා. දැරියට අතවර කර ඝාතනය කිරීමෙන් පසු සැකකරු දැරියගේ සිරුර ඇළ අයිනේ සඟවා තබා ඉන්ගම්මාරුවේ පදිංචි ඔහුගේ සොහොයුරියකගේ නිවසට ගොස් තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු ඔහුගේ චර්යාවන් පිළිබඳවද තොරතුරු රැසක් රහස් පොලීසිය වෙත හෙළිකර ඇති බව සඳහන්. කෙසේ නමුත් සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු පොලිසිය හමුවේ වැඩිදුරටත් මෙසේ පාපොච්චාරණය කර ඇත.
මව සමග දැරිය නිදාගෙන ඉන්නවා දැක්‌කම මම ගේ ඇතුළට යන්න විදියක් බැලුවා. එතකොට නිවසේ ඉදිරි දොර විවෘතව තිබෙන බව දැක්‌කා. මම දොර ඇරගෙන ඇතුළට ගිහින් දරුවාගේ ඇඳුම ගලවා මෙට්‌ටෙ අස්‌සේ ගසා දරුවා වඩා ගත්තා. එවිට දරුවා ඇහැරිලා "අම්මේ අම්මේ" කියලා කෑගැහුවා. මම දරුවාගේ මූණයි කටයි තද කරගෙන එළියට අරන් ගිහින් අතවර කරල මරලා දාලා ඒ අසල ඇළකට වීසිකරලා ගෙදර ගියා.
පසු වැනිදා උදේ අපේ අයියා ඇහුවා "උඹ මොකද බය වෙලා කියලා. මම මුකුත් කිව්වේ නැහැ. අයියා මගෙන් කිහිප වතාවක් අහනකොට මම කිව්වා දැරිය දූෂණය කරලා මරලා ඇළට දාලා ආවේ මමයි. මේ ගැන කාටහරි කිව්වොත් උඹවත් මරනවා" කියලා. එහෙම කියලා මම රෑට තැන් තැන්වල නිදාගත්තා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකරුගේ සහෝදරයාය. ඔහුගෙන් දිගින් දිගටම පොලිසිය ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ සුලමුල හෙළි කරගෙන ඇත. ඒ අනුව ඔහුගේ සොහොයුරා වන සේයා දියණිය ඝාතනය කළ මෙම පුද්ගලයා සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.
සැකකරු කිසිදු අධ්‍යාපනයක් නොලබා වනචාරී ලෙස ජීවිතය ගත කර ඇත. ගම්පහ ප්‍රදේශයේ දැරියක පැහැරගෙන අතවර කිරීමට උත්සාහ කිරීම නිසා ගම්වැසියන්ගෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් කොටදෙණියාව සහෝදරියගේ නිවසට පැමිණ සැඟව සිට තිබේ. මොහු එම ප්‍රදේශයේ පොල් මෝලක සේවය කර ඇත.
සැකකරු එම නිවසේද පිටුපස අගුපිලක නිදාගෙන ඇත. නිවැසියන් අලුයම අවදි වී ඔහු ගැන සොයා බැලීමේදී එම ස්‌ථානයේ සිට නැති බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිකරගෙන ඇත.
රාත්‍රි නිදාගන්නා බවට සැකකරු නිවැසියන්ට හඟවමින් සිට ඇතත් රාත්‍රිය පුරා මොහු ප්‍රදේශයේ නිවෙස් අසලට ගොස් කාන්තාවන් නිදි යහන්වල සිටින අයුරු නිරීක්‍ෂණය කිරීම විනෝදාංශය ලෙස කර ඇති බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි කරගෙන ඇත.
0 comments:
Post a Comment