සදෙව්මිගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් ගැන හෝඩුවාවක්, පොලිසිය ගම පීරයි

ගමේ දෙදෙනෙක් අතුරුදන්ලු
කලින් අතවරයකටත් සම්බන්ධයිලු

කොටදෙණියාව බඩල්ගම සේයා දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම දැරියගේ නිවස ආසන්නයේ නවාතැන් ගෙන සිටි ළමා අපචාර කීපයකට සම්බන්ධ සැකකරු සහ ඔහුගේ සොහොයුරකු අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශය පුරා පුළුල් මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර තිබෙන බවට ආරංචි වනවා.

මෙම සැකකරුවන් දෙදෙනාම මේ වන විට අතුරුදන්ව ඇති බවත් ඔවුන් කෙසේ හෝ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය පවසනවා.


ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ස්‌ථාන කීපයක්‌ සහ වෙනත් ප්‍රදේශවල සැකකටයුතු ස්‌ථාන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වටලා පරීක්‍ෂා කළ ද සැකකරුවන් එම ස්‌ථානවල සිට නැති බවයි වාර්තා වන්නේ.

ගම්පහ ප්‍රදේශයේදී මීට ටික කලකට පෙර දැරියන් දෙදෙනකු පැහැරගෙන අතවර කර බෙම්මුල්ල ප්‍රදේශයේ වෙල්යායක අතහැර දමා යැමේ සිද්ධියකට මෙම එක්‌ සැකකරුවකු සම්බන්ධ වී සිටි බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබෙනවා.

එම සැකකරු දැරියන් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කලක්‌ බන්ධනාගාරගතව සිට ඉන් ඇප මත පැමිණ සිටි අයකු බව ද පොලිසිය පවසනවා.
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment