කොණ්ඩයාගේ අයියා ගෙට ආවේ සේයාව අරන් යන්න නෙවෙයිලු

මවට අතවර කරන්න පිහියක් හොයලා
පිහියක් නැති නිසා සේයා අරන් ගිහින්
මරලා තියෙන්නේ මූණ හැපුව නිසාලු
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ සිරුරෙන් ලබා ගත් ආගන්තුක ජෛව සාම්පල සමඟ කොණ්ඩයා නමැත්තාගේ සහෝදරයා වන සමන් ජයලත්ගේ ඩී.එන්.ඒ ගැලපෙන බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ ඊයේ අනාවරණ කළා.

සේයා සදෙව්මි දැරියට අතවර කර කෲර අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම අත්අඩංගුවට ගනු ලැබුවේ සමන් ජයලත් නමැත්තාය. එහිදී සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබුණේ සේයා ඝාතනය කළේ තම සොහොයුරා වන කොණ්‌ඩයා බවයි. ඒ අනුව පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බෙම්මුල්ල ප්‍රදේශයේ සැඟවී සිටි කොණ්‌ඩයා අත්අඩංගුවට ගෙන තිබිණි.





කොණ්‌ඩයා DNA පරීක්‍ෂණය සඳහා යොමු කළද එය සේයා දැරියගේ DNA වාර්තාව සමඟ සැසඳුණේ නැත. ඒ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොණ්‌ඩයාගේ සොහොයුරා වන සමන් ජයලත්ද DNA පරීක්‍ෂණයක්‌ සඳහා යොදවනු ලැබීය.

සේයා ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන සිටින සමන් ජයලත් නමැත්තා විවිධ අපරාධ සම්බන්ධයෙන් වසර 6 කට අධික කාලයක්‌ බන්ධනාගාරගතව සිටි අයෙකි. රාත්‍රි කාලයේ නිවෙස්‌වලට එබිකම් කිරීම නිවෙස්‌වල වටිනා දේ සොරා ගැනීම, කාන්තාවන් ස්‌නානය කරන දෙස බලා සිටීම ඇතුළු විවිධ විකෘති කාමාශාවන් ඇති පුද්ගලයන් ලෙස සමන් ජයලත් සහ කොණ්‌ඩයා පොලිසිය හඳුනාගෙන තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් කොණ්ඩයාගේ සහෝදරයා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ පහත අයුරිනුයි..

‘‘ඇරලා තියෙන ජනේලයෙන් ගේ ඇතුළට ඇඳට කකුලක් තියලා පැනගත්තා. ඒ වෙනකොට ළමයි නිදාගෙන හිටියේ. කොහොම හරි මම ළමයා වඩාගෙන බොහොම අමාරුවෙන් ජනේලයෙන්ම එළියට පැන්නා. ඊට පස්සේ කළුවරේම ළමයත් අරගෙන වැලිපාර දිගේ ගියා” යැයි “කොණ්ඩයාගේ” අයියා වන සමන් ජයලත් රහස් ‍පොලිසිය හමුවේ පවසා ඇත.

එදා මම මේ දරුවාගේ ගෙදර ගියා. යනකොට මට ජනේලෙන් පෙනුණා මේ දරුවාගේ අම්මා ටී, වී. බල බල ඉන්නවා. ඒත් ඒ වෙලාවේ ගෙදරට පනින්න විදිහක් නෑ, ළමයිනුත් ඉන්නවා, ගෙදර කට්ටියත් ඉඳියි කියලා බය හිතුණා. පස්සේ මම ටිකක් රෑ වෙනකල් ඇවිද ඇවිද හිටියා.

මම ආයෙත් එනකොට කාමරේ ලයිට් දාලා තිබුණේ. ඒ වෙලාවේ මට හිතුණා මම අනිවාර්යයෙන්ම මොකක් හරි කරනවා කියලා. ඊට පස්සේ ජනේලය ගාවට ගිහින් ජනෙල් දොර අරින්න හැදුවා. ඒත් එක්කම ජනෙල් දොර අරලා තිබ්බේ. පස්සේ මම ජනේලෙන් ඇතුළට පැන්නා. ඇතුළට පැන්නේ ඇඳට කකුල තියලා. ඒ වෙනකොටත් කට්ටිය නිදි. පස්සේ හෙමින්ම කාමරේට ගිහින් මම ගේ ඇතුළේ පිහියක් හෙව්වා. ඒත් පිහියක් තිබ්බේ නෑ. අන්තිමට මට ටිකක් බයක් ආවා පිහියක් නැතුව ගෑනු කෙනා ළඟට ළං වුණොත් එයා කෑගහයි කියලා. එහෙම වුණොත් කට්ටිය ඇවිත් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මට හිතුණ නිසා මම අදහස වෙනස් කරගත්තා. ඒ වෙනකොට ළමයි නිදාගෙන හිටියේ. මම ළමයව අරගෙන යන්න තීරණය කළා.‘‘

රාත්‍රිය වනතුරු සේයාගේ නිවස අසල සැඟවී සිටි සමන් ජයලත් එහි ජනේලයකින් ඇතුළුවී ඇත්තේ දැරියගේ මවට අතවරයක්‌ කරන බලාපොරොත්තුවෙන්ය. සේයාගේ මවගේ ගෙලට පිහියක්‌ තබා ඇය බියට පත් කර ඇය දූෂණය කිරීමට සැලසුම් කළ සමන් ජයලත් නිවස පුරා ඇවිදිමින් පිහියක්‌ සොයා ඇත.

එහෙත් ඔහුට පිහියක්‌ හමුවී නැත. ඒ අවස්‌ථාවේ සේයා දැරිය නිදා සිටින අයුරු දැක ඇති සමන් ජයලත් පසුව ඇය රැගෙන ගොස්‌ අතවර කිරීමට සැලසුම් කර තිබේ.
සේයා දැරිය නිදියහනෙන් රැගෙන නිවසේ ජනේලයෙන් පිටවූ සමන් ජයලත් ඇය නිවස අසල වන ලැහැබකට රැගෙන ගොස්‌ ඇත.

එහිදී සේයා දැරියට අතවර කරද්දී ඇය සමන් ජයලත්ගේ මුහුණ සපා ඔහුගෙන් බේරීයැමට උත්සාහ කර ඇත. මුහුණ සපා කෑම නිසා කෝපයට පත්වූ සමන් ජයලත් දැරියගේ ගෙල සිරකර ඇය ඝාතනය කර තිබෙන බවට තොරතුරු වාර්තා වේ.


Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment