‘‘එකට හිටිය කෙනෙක් ගැන සැකයි‘‘ - සේයා දැරියගේ පියාගෙන් හෝඩුවාවක් - වීඩියෝ

‘‘උපන්දිනේදි යාළුවන්ට අයිස්ක්‍රීම් දෙන්න හිටියේ,
ලෝකේ හොඳම තාත්තා මම කියලයි කීවේ‘‘

පසුගියදා අමානුෂික ලෙස ඝාතනය කර තිබියදී හමුවූ සේයා සදෙව්මිගේ ඝාතකයා පිළිබඳව තවමත් අනාවරණය කරගැනීම නොහැකිවී තිබෙනවා. පසුගිය දින කිහිපය පුරාම විවිධ පුවත් මැවුණේ ඇයගේ පියා මීට පෙර ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් උසාවි ගොස් ඇති බවයි.

ප්‍රදේශවාසීන්ද මේ හේතුවෙන් ඔහුව සැකකරවෙකු කළ නමුත් පොලිසිය පවසා තිබුණේ මෙම සිද්ධියට ඔහුගේ සම්බන්ධයන් නොමැති බවට ඔහු දුන් කටඋත්තරයෙන් යම්තාක් දුරට තහවුරු වූ බවයි.

කෙසේ නමුත් මේ වන විට අදාල සිද්ධිය සම්බන්ධයෙන් සේයාගේ පියා මාධ්‍යවෙත අදහස් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසන්නේ ගමේ තමන් සම‍ඟ එකට සිටි අයෙකු සේයා සදෙව්මි දූෂණය කොට මරාදැමූ බව තමන්ට විශ්වාස බවයි. එසේම තනි පුද්ගලයෙකුට වඩා වැඩි පිරිසක් ඊට සම්බන්ධ වන්නට ඇතැයි තමන් සැකකරන බවද ඔහු පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බවත් මේ වන විට දැනගන්නට ලැබෙනවා. ඒ අතරින් එක් අයෙකුටද දරුවන් සිටින බැවින් තමන් ඒ පිළිබඳ වැඩිදුර කිසිවක් ප්‍රකාශ නොකරන බවත් ඔහු පවසා සිටිනවා.

තමන් කෙරෙහි සැක පළ කිරීම නිසා ගම්මුන්ගෙන් දැවැන්ත විරෝධයකට හා හිරිහැර වලට ලක්වීමට සිදුවූ බවත් ගම්මුන් නිවස වටකොට දැරියගේ පියා සහ මව ලබාදෙන ලෙස ජනෙල් වලින් එබිකම් කරමින් කෑ කෝ ගැසූ බවත්, තත්ත්වය පාලනය කරනු ලැබුවේ පොලීසිය විසින් බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින්.....

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment