එදා ශර්මා එක්ක පිට්ටනිය මැද කියවගත්ත දේවල් ගැන ධම්මික ප්‍රසාද් කතා කරයි - වීඩියෝ


ශර්මා හිතලාමයි ඇඟට බෝල් කළේ
ඔපරේෂන් කරපු ඇඟිල්ට වැදුණේ
‘‘පස්සෙන් දිව්වේ ගහන්නද ?‘‘


නිමාවූ ඉන්දීය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟවලියේදී පිටිය තුළ සිදුවූ උණුසුම් වචන හුවමාරු පිළිබඳව ක්‍රිකට් ලෝලීන් අතර බොහෝ කතාබහක් ඇතිවුණා. ඒ සම්බන්දයෙන් වන වීඩියෝද අන්තර්ජාලයේ කා අතරත් හුවමාරු වූ අතර ඉෂාන්ත් ශර්මා හා ධම්මික ප්‍රසාද් අතර ඇතිවූ උණුසුම් සිදුවීම් ඒ අතර විශේෂයි.

එලෙස පිටියේදී දෙපාර්ශවය අතර ඇතිකරගත් උණුසුම් වචන හුවමාරුව සම්බන්ධයෙන් මෙන්ම ඉෂාන්ත් ශර්මා ක්‍රීඩාගාරයට යන මොහොතේ ඔහු පිටුපසින් දිවගිය හේතුව සම්බන්දයෙන් ධම්මික ප්‍රසාද් පවසා තිබෙනවා.

ඉෂාන්ත් ශර්මා එක්ක තියෙන අවුල මොකක්ද..?

මුකුත් නෑ. මම කිසිම දෙයක් පටන් ගත්තෙ නෑ. පන්දුවක් මගේ අතේ වැදුණා. ඒක ක්‍රිකට්වල ස්වභාවය. නමුත් ඔහු හිතාමතාම මගේ ඇඟේ වද්දන්න තමයි පන්දු යැව්වේ. ලෝක කුසලානයේදී මගේ සැත්කම කරපු ඇඟිල්ලට තමයි පන්දුව වැදුණේ. ආයි දෙවැනි පාර බැට් කරන්න ගියාම ඔහු මට තවත් කෙටි පන්දු කිහිපයක් දැම්ම. මම ඒ වෙලාවෙ වේදනාවත් එක්ක තමයි බැට් කළේ. ඉතින් ඉන්දියාව එහෙම ආක්‍රමණශීලීව ක්‍රීඩා කරද්දි අපිත් එහෙම ප්‍රතිචාර දක්වන්න ඕන. හැබැයි නිතරම කුමාර් අයියත් කියන ආකාරයට පාලනයක් ඇතිව. ඒ නිසා මාත් ශර්මට බවුන්සර් කිහිපයක් දැම්මා.


ශර්මා පිට්ටනිය මැදදි මොනවද කිව්වේ ?

ශර්මා ටිකක් නොහොබිනා විදියට මට යම් යම් දේ කිව්ව. මම කවදාවත් ක්‍රීඩකයෝ එක්ක ප්‍රශ්න ඇති කරගෙන නෑ. ඉතින් මට මේක නුපුරුදු දෙයක්. මම කැමැති නෑ වෙනත් ක්‍රීඩකයෙක් මට එහෙම කරනවට. ඒත් ශර්මා මගේ ඉවසීමේ සීමාව ඉක්මවල යන දේවල් කිව්වත් මම ඉවසන් හිටියා. ඔවුන් ක්‍රීඩා කළේ පොඩි ළමයි වගේ. මම ඇත්තටම අනුමත කරන්නෙ නෑ ඔවුන් හැසිරුණු විලාසය.


ඔබ ඉන්දීය අවසන් කඩුල්ල දවාගත්තට පස්සේ, ශර්ම ක්‍රීඩාගාරයට ඉක්මනින් දිව යනවා ඉක්මනින් ලෑස්ති වී නැවත පන්දු රකින්න එන්න. අපි දුටුවා ඔබත් ශර්මගේ පස්සෙන් දුවනවා. ඇත්තටම පස්සෙන් එළෙව්වේ ගහන්නද?

ඇත්තටම නෑ. ලාංකිකයො විදියට අපි කවදාවත් පළිගන්නෙ නෑ. ඇත්තටම ඒ වෙලාවේ වුණේ ඔහුත් දුවනවා මාත් දුවනවා වගේ වැඩක්. ගහන්න නෙවෙයි ගියේ. ඒත් පස්සෙ ගොඩාක් අය මගෙන් කතා කරලා ඇහුව අරයට ගැහුවද කියලා. ඇත්තටම එහෙම කරන්න අපිට පුරුදු නෑ. ගෙදර ආවම අම්මත් මට ‍දොස් කිව්වා ඇයි එහෙම හැසිරුණේ කියලා.

මේ සිද්ධියට චන්දිමාල්, මම, තිරිමාන්න අහුවුණාට ඔවුන් අපේ ගොඩාක් අයට පොඩි පොඩි හිරිහැර කරලා තිබුණා. ඉතින් ඕක අපිත් ඔළුවේ තියාගෙන තිබුණේ. ටික ටික තිබිල අන්තිමට ගිනි කන්දක් වගේ පිපිරුණා.

තර‍ඟයේ උණුසුම් අවස්ථාවල වීඩියෝ පහතින්.....
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment