මහරගම රූපලාවන්‍ය ශිල්පිනියකගේ ඡායාරූපයක් ලිංගික වෙබ් අඩවියක

එක් දරු මවක් වන රූපලාවණ්‍ය ශිල්පිනියකට අයිති ෆේස්බුක් ගිණුමක පළකර තිබූ ඇයගේ ඡායාරූපයක මුහුණු කොටස ගෙන එය වෙනත් කාන්තාවකගේ ඡායාරූපයකට බද්ධ කර රූපය සමලිංගික දර්ශන ඇතුළත් වෙබ් අඩවියකට කිසිවකු විසින් හෝ ඇතුළත් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව නුගේගොඩ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසනවා.

ඇය මහරගම ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන අතර පැමිණිලිකාර කාන්තාව සැමියාගෙන් වෙන්ව සිටින බවටත් තොරතුරු වාර්තා වෙනවා.


ඇය තමන්ගේ ආයතනයට අන්තර්ජාලය හරහා ගැනුම්කරුවන් ගෙන්වා ගැනීම සඳහා ෆේස්බුක් ගිණුමක් ආරම්භ කර තිබෙනවා.

අදාල ගිණුමෙහි පළකර තිබූ ඡායාරූපයෙහි මුහුණු කොටස කිසිවකු විසින් හෝ වෙනත් කාන්තාවකගේ ශරීරයට බද්ධ කර එම ඡායාරූපය කාන්තාවක් ලිංගික සේවනයෙහි යෙදෙන සමලිංගික වෙබ් අඩවියකට ඇතුළත් කර ඇය සමඟ එම ක්‍රියාවන් කිරීම සඳහා පුද්ගලයන්ගෙන් අදහස් විමසා ඇති බවද තොරතුරු වාර්තා වෙනවා.
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment