මාවුස්සාකැලේ ජලාශයේ දියනෑමට ගිය තරුණියක් ජලාශයේ වැටී මියගොස් ඇති බව මස්කෙළිය පොලීසිය පවසනවා.
මස්කෙළිය අප්කට් ප්‍රධාන මාර්ගයේ අම්මන් කෝවිල අසල පදිංචි රත්නවේල් ඥානේශ්වරී (අවු.27) නැමති මෙම තරුණිය තම නිවසට යාබඳව පිහිටි මාවුස්සාකැලේ ජලාශයට අද (06.09) උදෑසන 8.30 ට පමණ දිය නෑමට ගොස් තිබෙනවා.
එම තරුණිය පය ලිස්සා ජලාශයට වැටෙණු ප්‍රදේශවාසීන් දැක තිබෙනවා. පසුව ඒ බව මස්කෙළිය පොලීසියට දැණුම්දී ප්‍රදේශවාසීන්ගේද සහයෝගය ඇතිව ජලාශයට වැටුණු තරුණියගේ සිරුර අද (06.09) උදෑසන 9.30 ට පමණ ගොඩගෙන තිබෙනවා.
ගොඩගත් සිරුර හදිසි මරණ පරීක්‍ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා සිරුර නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකරවන ලෙස හදිසි මරණ පරීක්‍ෂකවරයා මස්කෙළිය පොලීසියට නියෝගකර තිබෙනවා. මෙම සිද්ධිය පිළිබඳව මස්කෙළිය පොලීසිය පරීක්‍ෂණ පවත්වනවා.

0 comments:
Post a Comment