අනියම් බිරිඳක් සමග ලැඟුම් හලකට පැමිණ සිටි අයෙකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයකින් පසුව මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.
මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක් වන අයෙකි.
මිය ගොස් ඇති අය වයස අවුරුදු 48 ක් පමණ වන කාන්තාවක් සමග පසුගිය 12 වැනිදා රාත්‍රියේ මාරවිල - ගොඩවෙල ප්‍රදේශයේ ලැඟුම් හලකට පැමිණ ඇත. දෙදෙනා රාත්‍රීය ගත කරමින් සිටින විට පිරිමි පුද්ගලයාට හදිසියේම රෝගී වී ඇත.
ලැඟුම්හලේ භාරකරුවන් සහ කාන්තාව විසින් ඔහුව මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත. නමුත් ඔහු මිය ගොස් ඇත.
මිය ගොස් ඇති අය කිසියම් උත්තේජන ඖෂධයක් පානය කිරීමෙන් අනතුරුව රෝගී වී ඇති බවට අනුමාන කරන්නේ යැයි පොලීසිය කියයි. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වමට නියමිතව ඇත.
0 comments:
Post a Comment