කොටදෙනියාවේදී පෙරපාසැල් සිසුවියක් වන සදෙව්මි අමානුෂික ලෙස ඝාතනය කර තිබිම සම්බන්ධයෙන් පොලිසිය මේ වන විටත් විමර්ශන කටයුතු සිදුකරමින් පවතිනවා.
දැරියගේ සිරුර හමුවූ ස්ථානයේ තිබූ භෞතික සාධක මෙන්ම නිවසේ තිබූ පා සලකුණක් පිළිබඳව එහිදී වැඩිදුරටත් පරීක්ෂා කර ඇති අතර මේ වන විට නිවස අසල පදිංචිව සිටි අසල්වාසීන් පිරිසක් ඊයේ ප්‍රදේශය අතහැර ගොස් තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඔවුන් හදිසියේ නිවසින් පිටවයාම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
0 comments:
Post a Comment