කොට්ටාව බස් එකේදි පාසැල් දැරියක් හොරෙන් වීඩියෝ කළ කාමාතුරයාට ගස්බැඳ ගුටි දුන් හැටි - වීඩියෝ

කොට්ටාව සිට මොරගහහේන (අංක 129) දක්වා ධාවනය වූ බස් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු එහි සිටි පාසැල් දැරියකගේ ඇද සිටි ඇඳුමට යටින් සිය ජංගම දුරකතනයෙන් හොර රහසේ ඡායාරූප ගත කරමින් සිටියදී අසළ සිටි පුද්ගලයන් එය දැක ඔහුට පහරදී පොලිසියට භාරදී තිබෙනවා.

අදාළ බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් පිටිපන ප්‍රදේශයේදී රථය නවතා ඔහුට හොඳහැටි පහරදී ඒ අසල පිහිටි ගසක බැඳ තිබෙනවා.


එමෙන්ම ඔහුගේ ඇඟේ දූෂකයා ලෙස බොඩ් එකක්ද එල්ලා ඇති අතර පසුව පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

ඔහු සිය ජංගම දුරකතනයෙන් අවුරුදු 13ක් වයසැති දැරියගේ ඡායාරූප ගැනීම දැක ඇත්තේ තවත් පාසල් සිසුන් දෙදෙනෙක් විසිනි.

මෙම පුද්ගලයා හංවැල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36ක විවාහක පුද්ගලයෙක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ..

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment