කොටදෙනියාවේ සදෙව්මි බරපතල ලෙස ලිංගික අපයෝජනය කර මරා දැමූ බවට හෙළිවෙයි

බෙල්ල රෙදි පටියකින් හිරකරලා
ගම හැරගිය පවුලක් ගැන සැකයක්


රටම කම්පාකළ කොටදෙනියාවේ පෙරපාසැල් දැරියගේ මරණ පරීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව ඇය පටියකින් ගෙළ සිරකිරීමකින් ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම ඇයට බරපතල ලිංගික හිංසනයක් සිදුකර ඇති බවටද මරණ පරීක්ෂණයේදී තොරතුරු අනාවරණ කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පෙරවරුවේ සිදු කෙරුණේ මීගමුව දිස්ත්‍රික් රෝහලේදියි.



ගම්පහ - දිවුලපිටිය - කොටදෙනියාවේ සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියෙන් සම්බන්ධයෙන් ඇයගේ දෙමව්පියන් සහ ඥාතීන් ඇතුලූ ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ එම ප්‍රකාශ සහ විශේෂඥ සාක්ෂි මත, බුද්ධි නිලධාරින්ද යොදාගනිමින් ඉදිරි පරීක්ෂණ පුළුල් ලෙස ක්‍රියාත්මක කර ඇති බවයි.

දැරියගේ සිරුර හමුවූ ස්ථානයේ තිබූ භෞතික සාධක මෙන්ම නිවසේ තිබූ පා සලකුණක් පිළිබඳව එහිදී වැඩිදුරටත් පරීක්ෂා කර ඇති අතර මේ වන විට නිවස අසල පදිංචිව සිටි අසල්වාසීන් පිරිසක් ඊයේ ප්‍රදේශය අතහැර ගොස් තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඔවුන් හදිසියේ නිවසින් පිටවයාම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment