‘‘දරුවාගේ මිනිය ළඟටවත් හරියට ආවේ නෑ
වළට පස් ටිකක් දාන්න බැරිවුණා‘‘ - මව
අසල්වැසි තරුණයෙකුගෙන් ප්‍රශ්න කරලා
දිවුලපිටිය - කොටදෙනියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අසල්වැසි තරුණයෙකුගෙන් ප්‍රශ්න කරන බව පොලීසිය පවසනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.
දැරිය ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 30 කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එම පිරිස අතරට දැරියගේ මව, පියා, සීයා සහ මිත්තණියද ඇතුළත්. මාධ්‍යට අදහස් දක්වමින් - ඝාතනයට ලක්වූ සේයා සදෙව්මිගේ පියා වන උපුල් නිශාන්ත කියා සිටියේ දැරිය සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් යොමු කළේ නම් මෙම ඝාතනය වළක්වා ගැනීමට හැකියාව තිබූ බවයි.
පසුගිය සිකුරාදා රාත්‍රියේ අතුරුදන් වූ සේයා සදෙව්මි දැරියගේ මළ සිරුර පසුගිය ඉරිදා උදෑසන සොයා ගත්තේ ඇය පදිංචිව සිටි නිවස අසල පිහිටි ඇල ඉවුරක තිබියදීයි.
දැරියගේ දේහය මිහිදන් කිරීමෙන් පසු මව හා පියා පැවසූ අදහස් පහතින්...
‘‘දරුවාගේ මූණ බලන්න බෑ, ඒ දරුවා අපේ වගේ හදලා තිබුන්නේ නෑ, දැක්කද ෆොටෝ එකේ ලස්සන, මං කොහොමද මිනිය බලන්නේ, මම මිනිය ළඟට දෙපාරකට වඩා ආවේ නෑ, මම කෑ ගහලා වැටුණා නම් අනිත් ළමයි දෙන්නා ගැන බලන්නේ කවුද ?
දරුවාගේ මිනිය ළඟටවත් එන්නට බැරුව තමයි අපි හිටියේ, මිනිස්සු අපිව ඇදගෙන යන්න වගේ හැදුවා, දරුවාගේ මිනියට අවසාන පස්පිඩක් දාන්නවත් බැරිවුණු එක ලොකු දුකක්,‘‘
මව වැඩිදුරටත් පවසන්නේ මෙවන් තිරිසන් අපරාධයක් කළ කෙනාව තමන්ට පෙන්වන ලෙසයි..
තමන්ට දරුවාගේ මරණය සම්බන්දයෙන් චෝදනා කරන්නේ කිසිදු පොලිස් නිලධාරියෙකුගෙන් කරුණු නොවිමසා බවයි සදෙව්මිගේ පියා පවසන්නේ. ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙවැනි චෝදනා එල්ලකරන විට සොයාබලා චෝදනා කරන ලෙසයි
සදෙව්මිගේ පියාගේ කට උත්තරයේ ඇත්ත හෙළිවෙයි
තමන්ට දරුවාගේ මරණය සම්බන්දයෙන් චෝදනා කරන්නේ කිසිදු පොලිස් නිලධාරියෙකුගෙන් කරුණු නොවිමසා බවයි සදෙව්මිගේ පියා පවසන්නේ. ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙවැනි චෝදනා එල්ලකරන විට සොයාබලා චෝදනා කරන ලෙසයි
සදෙව්මිගේ පියාගේ කට උත්තරයේ ඇත්ත හෙළිවෙයි
The Cheng Hoon Teng - is a Buddhist temple located in Jalan, Tokong Malacca and is the oldest operating temple in Malaysia. The mosque is pretty spacious with an area of 4,600 square meters. It has numerous prayer halls and later added with small prayer Watch Latest News At Gossiplankaupdates.
ReplyDelete