සදෙව්මි ඝාතනයේ සැකකරුවෙකු ගම්පහ - බෙම්මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට - Video

සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වන පරීක්ෂණයට අවශ්‍යව සිටින සැකකරුවන් කිහිප දෙනෙක් සොයා පොලිසිය මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටිනවා.

ඒ අතර සදෙව්මි දැරිය කෙළෙසා මරා දැමූ බවට සැකපිට පුද්ගලයෙකු ගම්පහ, බෙම්මුල්ල ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බවට තොරතුරු වාර්තා වෙනවා. මොහු දැරිය ජීවත්ව සිටි නිවස ආසන්නයේ පදිංචි අයකු බවයි ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් වාර්තා වන්නේ.


විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම සැකකරු අල්ලා ගැනීම සඳහා සිදුකළ මෙහෙයුමකදී සැඟවී සිටි සැකකරුවා අල්ලා ගැනීමට ඔවුන් සමත්වී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 03ක් සහ අතිරේක පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධියට අදාළ පරික්ෂණවල නිරතව සිටිනවා.

එමෙන්ම සැකකරු අල්ලාගත් බවට පැවසෙන ස්ථානයේ වීඩියෝවක් මේ වන විට අප වෙත ලැබී තිබෙනවා. සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා සිටියේ ඔහු මෙම ස්ථානයේ නිදාගෙන සිටි බවත් පොලිසියෙන් පැමිණ ඔහුව අල්ලාගෙන රැගෙන ගිය බවත්ය..

එම වීඩියෝව පහතින්.....

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment