ඇතුලේ ඉන්න කොණ්ඩයාට දැඩි ආරක්ෂාවක්

රැඳවියන් කූඩුව වටේ කැරකෙනවාලු
කොණ්ඩයා සද්දයක් නෑලු
සැකපිට අත්අඩංගුවට ගත් සිසුවා හා එක්දරු පියා යළි රිමාන්ඩ්


කොටදෙණියාව - සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක්දරු පියා ලබන මස 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. එමෙන්ම කොණ්ඩයාද මේ වන විට බන්ධනාගාර ගතකොට ඇති අතර ඔහුට දැඩි ආරක්ෂාවක් ලබා දී ඇති බවට ආරංචි වනවා.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගේ DNA වාර්තා අධිකරණයට මෙතෙක් ලැබී නොමැති බවද අනාවරණ වී තිබෙනවා.


සේයා දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන දුනේෂ් ප්‍රියෂාන්ත හෙවත් කොණ්ඩයා ලබන මස 5 වනදා දක්වායි රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ. එමෙන්ම කොණ්‌ඩයා රඳවා සිටින මීගමුව බන්ධනාගාරයේ රිමාන්ඩ් සිර මැදිරියට දැඩි රැකවරණ යොදවා තිබෙන බවට ආරංචි වනවා.

බන්ධනාගාරයේ සිටින සෙසු රැඳවියන් මෙම සැකකරුගේ ක්‍රියාව තදින්ම හෙළාදැකීම නිසා ඔහුගේ ජීවිතයට කිසියම් තර්ජනයක්‌ එල්ලවෙතැයි යන සැකය මත ඔහු රඳවා සිටින මැදිරියට මෙසේ දැඩි රැකවරණය යොදා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කොණ්ඩයා කිසිදු කතාබහක්‌ නොමැතිව නිහඬව සිටින බවත් සිරකරුවන් මොහු දැක බලා ගැනීමට දැඩි උනන්දුවෙන් ඔහු රඳවා සිටින කුටිය අවට එහා මෙහා යන බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment