මැරෙණ බව කිය කිය ගිහින් පූසෙක් මැරුණු තැනක දිවිනසාගත් තරුණයා - Photos

කුලියාපිටිය වීරගම කිරිමණ්ඩලයට නුදුරින් නන්නාඳුනන තරුණ මළ සිරුරක් කුලියාපිටිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පසුගිය දිනක උඩුබද්දාව ප්‍රදේශයේදී විදුලි කණුවක නැගී සියදිවි හානිකරගන්නා බව පවසමින් තැන තැන ඇවිද ගිය අයෙකු වන යක්විල පරගම්මන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 22 හැවිරිදි මුතුවාඩිලාගේ විරාජ් ප්‍රසන්න නැමැත්තා මෙලෙස ඊයේ (27) අලුයම මියගොස් සිටි බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.


එම ස්ථානයේ බළලෙකු ද වාහන අනතුරකට ලක්ව මියගොස් තීබීම පොලිසිය නොමඟ යවන දර්ශනයක් වූවත් ස්ථානීය පරික්‍ෂාවේදී විදුලි කණුවේ වයරයක මියගොස් සිටි තැනැත්තාගේ යැයි සැකකළ හැකි සම් කොටස් හා රෝමකූප තිබීම නිසා එම තැනැත්තා විදුලි කණුවක නැගී සියදිවි හානිකරගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා දේහය කුලියාපිටිය මූලික රෝහලට යැවීමට නියමිතය.

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment