සදෙව්මිගේ පියාගේ කට උත්තරයේ ඇත්ත හෙළිවෙයි

දුරකථන කුළුණු වාර්තාත් පරීක්ෂාවට
මේ වන විට සදෙව්මි දැරියගේ මරණය සම්බන්දයෙන් වන පරීක්ෂණ CIDයට යොමුකර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා පොලිසියට ලබාදී ඇති ප්‍රකාශ පිළිබඳව දුරකථන දත්ත හා අනෙකුත් සාක්‌ෂි මත සිදුකළ විමර්ශනයකදී එම පියා කළ ප්‍රකාශ සත්‍යයක්‌ බවද පොලිසියට තහවුරු වී තිබෙන බවට වාර්තා වෙනවා.

දැරියගේ පියා පොලිසියට කළ ප්‍රකාශ අනුව සිද්ධිය වූ දිනයේ ඔහු කුලී ප්‍රවාහනය සේවය සඳහා පිටත්ව ගොස්‌ තිබූ අතර ඔහු කියන ලද ස්‌ථානය දුරකථන කුළුණු වාර්තා අනුව සත්‍යයක්‌ බව තහවුරුවී ඇත්තේ ඒ අනුවය.



දැරියගේ ඝාතනය හා අපයෝජනය සිදුකර ඇත්තේ මත්ද්‍රව්‍ය පානයෙන් විකෘති වූවෙකු බව පොලිසිය සඳහන් කරන අතර ඔහුට යම් තුවාලයක් සිදුවී ඇති බවටද සැකකරන බව වාර්තාවෙනවා.

මේ වනවිට දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් තුන්දෙනෙකු පිළිබඳව පොලිස් පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය මේ වනවිට යොමුව තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ තවත් විශේෂඥ පරීක්ෂණ කිහිපයකින් පසු ඝාතන සිදුකළ පුද්ගලයා නිශ්චිතව හඳුනාගත හැකිවන බවයි.

එසේම දැරිය ඝාතනය කළේ වෙනත් ප්‍රදේශයකින් පැමිණි පුද්ගලයෙකු නොව ඇය හොඳින්ම දන්නා, හඳුනන කෙනෙකු විසින් බවට පොලීසියට සැක කරනවා. දැරිය නිවසෙන් රැගෙන යන මොහොතේ කෑගැසීමක් සිදු නොකළේ ඒ නිසාවෙන් බව පරීක්ෂණ කණ්ඩායම්වල අදහසයි.
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment